Tribute to Nalandian War Heroes

දිවි පරදුවට තබා රට රකින්නට කටයුතු කළ අභීත රණවිරුවන්ට උපහාර දැක්වීම 2020.07.29 වන බදාදා දින උදෑසන නාලන්දා විද්‍යාලීය රණවිරු ස්මාරකය අසල දී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආදි නාලන්දීය වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මැතිතුමන්, ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සහභාගි වූ අතර යුද හමුදාව නියෝජනය කරමින් මේජර් ජෙනරාල් දෙමටපිටිය මහතා සහ මේජර් ජනරාල් තිලක් වීරකෝන් මහතා ද,ගුවන් හමුදාව නියෝජනය කරමින් එයාර් වයිස් මාෂල් කපිල වනිගසූරිය මහතා සහ එයාර් වයිස් මාෂල් රුචිර සමරසිංහ මැතිතුමන් ද,නාවික හමුදාව නියෝජනය කරමින් රිය අද්මිරාල් නිලන්ත හීන පිටිගල මැතිතුමන් ද,ශ්‍රී ලංකා පොලිසියේ නියෝජනය කරමින් ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මැතිතුමන් හා විශ්‍රාමික රණවිරු සංගමයේ ලේකම් සුමිත් එදිරිසිංහ මැතිතුමන් ද සහභාගි විය.එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මැතිතුමා සහ විද්‍යාලිය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් ඇතුළු අනෙක් සියලු ආරාධිත අමුත්තන් මල්කළඹ තැන්පත් කරමින් පුෂ්පෝපහාර දැක්වූ අතර විනාඩියක නිශ්ශබ්දතාවයකින් අනතුරුව බියුගල් වාදනයෙන් අප අතරින් වෙන් වූ නාලන්දීය රණවිරුවන් සියළුදෙනාටම උපහාර පිදීම සිදු විය.

https://www.facebook.com/nccustudios/posts/3662510710478402

Leave a comment

Your email address will not be published. Required fields are marked *