Ja-Ela division Inter-school athletics

මීගමුව අධ්‍යපන කලාපයේ ජා-ඇල කොට්ඨාසයේ අන්තර් පාසල් ජවන හා මළළ ක්‍රීඩා උළෙල කදාන ද මැසිනොද් ක්‍රීඩා පිටියෙදී ඉකුත් 04 දා පැවැත්විණි.

ක්‍රීඩා උළෙලේ බාලක අංශයේ ශූරතාවය මුළු ලකුණු 144 ලබා ගත් කදාන ශාන්ත සෙබස්තියන් පිරිමි විදුහලට හිමි වු අතර එහි අනුශූරතාවය ලකුණු 132.5 ක් ලැබූ තුඩැල්ල ක්‍රිස්තු රාජ ජාතික පාසල ට හිමිවිය. තෙවන ස්ථානය හිමි වුයේ ලකුණු 123ලැබූ බෝපිටිය ලොයෙලා විදූහලටය.

බාලිකා අංශයේ ශූරතාවය ලකුණු 152.5 ලැබූ තුඩැල්ල නිමල මරියා බාලිකාවට හිමිවිය. බාලිකා අංශයේ අනු ශූරතාවය පමුණුගම ගොන්සාල්වේස් විදුහල ලකුණු 80ක් ලබා ගනිමින් හිමි කර ගනු ලැබීය. තෙවන ස්ථානය හිමි වුයේ ලකුණු 52 ක් ලබා ගත් කදාන ශාන්ත සෙබස්තියන් බාලිකා විදුහලටය.

මෙම උත්සව අවස්ථා ට මීගමුව කලාප ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් අධිකාරී,. ජා-ඇල අධ්‍යාපන කොට්ඨාශ ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශිකා ටෙක්ලා රත්නප්පුලි මහත්මිය ප්‍රදේශයේ පාසල් වල විදුහල්පති වරුන් ඇතුළු ප්‍රභූන් රාශියක් එක්වී සිටියහ.

Ja-Ela Town

Leave a comment

Your email address will not be published. Required fields are marked *