150th Anniversary of Bandarawatta Parakrama M/V

ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයීය අභිමානවත් 150 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කෙරුණු “සංවත්සරික පැරකුම් පා ගමන” 2019 අප්‍රේල් මස 04 වන දින උදෑසන අභිමානවත් අයුරින් මෙසේ නිමාවට පත්වූ වගයි.

සංවත්සරික පා ගමන වෙනුවෙන් උරදුන් විදුහල්පති ගරු ජයන්ත බණ්ඩාරනායක මැතිදුන් ප්‍රධාන ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන් මෙන්ම ආදි ශිෂ්‍ය මණ්ඩලයේ විශාල පිරිසක් මේ සදහා දායක වූහ. 

උදෑසන 08.00 ට විදුහල් ක්‍රීඩා පිටියෙන් ආරම්භ වුනු මෙම පා ගමන යක්කල පාර, මේරිබිසෝ මාවත හරහා ගම්පහ නගරයට පිවිස කොළඹ පාර හරහා රෝහල් වටරවුම පසුකර ශ්‍රී බෝධි විද්‍යාල මාවත හරහා නැවත බණ්ඩාරවත්ත මංසංධියට පිවිස දහවල් කාලයේදී විදුහල් භූමියට යලි ප්‍රවිශ්ඨ විය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *