Ja-Ela division school athletics champs

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාශයේ අන්තර් පාසල් ජවන හා පිටිය මලල ක්‍රීඩා උළෙලේ දී පිරිමි අංශයේ ශූරතාව ලකුණු 173 ක් ලබාගත් කදාණ ශාන්ත සෙබස්තියන් පිරිමි විදුහල දිනා ගත් අතර එහි අනුශූරතාවය ලකුණු 123ක් ලැබූ තුඩැල්ල ක්‍රිස්තු රාජ ජාතික පාසලට හිමි විය. තරගාවලියේ තෙවැනි ස්ථානය ලකුණු73ක් ලැබූ බොපිටිය ලොයෙලා විදුහල දිනා ගන්නා විට සිව්වන හා පස්වන ස්ථානයන් පිළිවෙලින් සෙවන්ඩේ උස්ස පාසලටත්, බටුවත්ත මහා විදුහල දිනීය.
මෙම තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය ලකුණු 173ලැබූ තුඩැල්ල නිමල මරියා බාළිකා විදුහල දිනා ගන්නා ලදි.එහි අනුශූරතාවය හිමි වුයේ ලකුණු 81ලැබූ කදාණ ශාන්ත සෙබස්තියන් බාළිකා විදුහලටය. මෙහි තෙවන සිව්වන හා පස් වන ස්ථානයන් පිළිවෙලින් බටුවත්ත මහා විදුහල, පමුණුගම ගොන්සාල්වේස් විදුහල හා නිවන්දම ජිනරාජ විදුහල දිනා ගන්නා ලදි.

උක්ත තරගාවලිය මාර්තු 06දා කදාණ සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රිඩාංගනය්දී මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇන්ටනී ප්‍රනාන්දු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඩිල්ෂාන් ජයවර්ධන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම උත්සව අවස්ථාවට ජාඇල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යික්ෂිකා ඒ චන්ද්‍රසේන මහත්මිය

ඇතුළු ජා-ඇල අධ්‍යාපන කොට්ඨාශයෙ විදුහල්පති වරුන් සහභාගී වී සිටියහ.තරගාවළිය ජා-ඇල කොට්ඨාස ක්‍රීඩා උපදේශිකා ටෙක්ලා රත්නප්පුලි මහත්මිය ඇතුළු පාසල් ක්‍රීඩා ගුර මහත්ම මහත්මීන් විසින් සංවිධානය කර තිබුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *