Leo Club of Mahanama in society

News from Facebook


මහානාම විද්‍යලයීය ලියෝ සමාජයේ තවත් සමාජ සේවා ව්‍යාපෘති මාලාවක් වන “ගමට ක්‍රීඩා” වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර පාසලක් වන ආගල පතල කණිෂ්ඨ විද්‍යලය වෙත ගියේ සස්නක සංසදය හා එක්ව දහසක් අඩුපාඩු මද්දේ මෙතරම් කාලයක් ශ්‍රී ලාංකික ප්‍රාථමික මළල ක්‍රීඩාවේ සමස්ථ ලංකා ජයග්‍රහණයන් රැසක් අඛණ්ඩව වසර ගනනාවක් තමන් සතු කරගත් අපේම ආදරනීය සහෝදර සහෝදරියන් හමුවන්නටයි… දීර්ඝ කාලයක් තිස්සේ කිසිවෙකුගේ අවධානයකට ලක් නොවූ ඔවුන්ට මෙතරම් කාලයකට අධයාපනික හා ක්‍රීඩා බලධාරින්ගෙන් හිමි වී ඇත්තේ කවපෙත්තක් සහ හෙල්ලක් පමනි.නමුත් අපි මෙම ආදල පතල විද්‍යලය ඇතුලු ප්‍රදේශයේ තවත් පාසල් 4 කට ඔවුන්ට අවශ්‍ය සියලුම ක්‍රීඩා උපකරණ සහා මෙතෙක් කල් නිසි ආකාරයේ ඇදුමක් හෝ නොමැතිව සමස්ත ලංකා තරග නියෝජනය කල ඔවුන් හට අවශ්‍ය මළල ක්‍රීඩා ඇදුම් කට්ටල ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කලේ හෙට දින ලොව දිනන්නට දෑස් අයා බලා සිටිනා අහිංසක දරු දැරියන්ගේ සිහිනයට බාධාවක් වූ සියලු අඩුපාඩු සදහා විසදුම් ලබා දෙමිනි.මෙලෙස ඔවුන් සියල්ලගේම පුංචි සිහිනය වන ශ්‍රීලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමේ සිහිනය යතා කාලයේ ඉටුවනු දැකීම අපගේ ඒකයන පැතුමයි. ඒ සදහා අපගේ මෙන්ම මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම ආශිර්වාදය ඔවුන් වෙත හිමි වනු නොඅනුමානය.

Click here for the article>>>


Published

Leave a comment

Your email address will not be published. Required fields are marked *