Harischandra College ready for the sports meet

News from Facebook


2019 මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වැඩි බරක් කරට ගෙන මේවර විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය ක්‍රියාකරනු ලබයි. එමෙන් ම අනෙකුත් ආදි සිසු කණ්ඩායම් සහ පාසලේ ආදි ශිෂ්‍යයන් කිහිප දෙනෙකු ද පෞද්ගලිකව මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ සේවාවන් ලබාදීමට හරිසඳ මෑණියන් වෙනුවෙන් කැපවී කටයුතු කරන බව කීමට සතුටුය.

1) මෙහි දී මූලික අවශ්‍යතාවක්ව පැවැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයන ජයග්‍රාහී රන් පදක්කම්, රිදී පදක්කම්, ලෝකඩ පදක්කම්, ශූරයන් වෙනුවෙන් පිරිනමනු ලබන කුසලාන හා සියලුම ක්‍රීඩා අංගයන් සඳහා අවශ්‍ය සහතික පත් ද ලබාදීමට ජේෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය කටයුතු කර ඇත. මෙහි සියලුම මූල්‍ය දායකත්වය ජේෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මගින් දරා ඇත.

2) එමෙන්ම 94/97 කණ්ඩායමේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් ඔලිම්පික් පහන වටා ඇති මූලික ආධාරක ව්‍යුහය සකස් කොට අලංකාර කර දීමට භාරගෙන ඇත.

3) ආරාධිත අමුත්තන් පිළිගැනීම සඳහා අවශ්‍ය මල් මාලා ඇතුළු අනෙකුත් දේ සඳහා සහ තරඟ නිරීක්ෂකයන් සඳහා යන වියදමෙන් කොටසක් පාසලේ සංවර්ධන සමිතියේ හිටපු සාමාජිකයෙක් වන හේවාවසම් මහතා ලබාදීමට කටයුතු කටයුතු කර ඇත.

4) පාසලේ ආදි ශිෂ්‍ය දිනේෂ් විමල චන්ද්‍ර සහෝදරයා විසින් ක්‍රීඩා උත්සවයේ ශූරතා කුසලානය ලබා දීමට කටයුතු කර ඇත.

Click here for pics>>>

Leave a comment

Your email address will not be published. Required fields are marked *