National Garbage Clean Up Day by Mahanama

News from Facebook


නිදහස් දවස කියන්නෙ නිකන්ම නිවාඩු දවසක් නෙවෙයි.ඒක තියෙන්නෙ රට වෙනුවෙන් , අපි උපන් දේශය වෙනුවෙන් කැප කරන්න. ඒ සදහා අර්ථවත් දෙයක් ගැන තමා මේ කතා කරන්න හදන්නෙ.

පෙබරවාරි 4 වෙනිදා තියනවා මුලු ශ්‍රී ලංකාවම පිරිසිදු කිරීමේ ජාතික ව්‍යාප්තියක්. ඔබේ ගමෙත් නගරයෙත් පාසලෙත් පන්සලෙත් විශ්ව විද්‍යාලයෙත් මෙය සිද්ද කරන්න ඔබට ලෑස්ති කරගන්න පුලුවන්.

උදේ 8.00 ඉදල දවල් 2 වෙනකන් විසිරිල තියන කුණු එකතු කරල සුද්ද පවිත්‍ර කරල මුලු මව් බිමම සුද්ද කරල අපි එකා වගේ ලක් මෑණියන්ට උපහාර කරමු. ඔබටත් පුලුවන් මේ ජාතික ව්‍යාපාරය සමග එකතු වෙන්න.

මහානාම ලියෝ සමාජය වශයෙන් අපිත් සූදානම් මෙම ජාතික කර්තව්‍යය හා අත් බැදගන්නට…අපි ලෑස්තියි නුවරින් පටන් ගන්න… ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම අප හා එක් වන්නට…

දිනය : පෙබරවාරි 4
වේලාව : උදෑසන 10.00
ස්ථානය : නුවර වැව රවුම

වැඩි විස්තර සදහා අමතන්න : අචල ශානුක – +94 756462158

Click here for the event>>>

Click here for the Facebook event>>>


Leave a comment

Your email address will not be published. Required fields are marked *