A beautiful message for new students

පහතින් අති ලිපිය ෆේස්බුක් හි දකින්නට ලැබුණු ඉතා ලස්සන ලිපියකි.


මල්ලි රැකපන් ඉස්කෝලෙ නම❤☝️………
මල්ලි බබලපන් ඉස්කෝලේ නම❤☝️……..

පුතේ..
උඹ අද අඩන්නෙ අම්මා තාත්තා දාලා නොදන්න යාළුවො පිරිසක් අතරෙ…නොදන්න ගුරුවරු පිරිසක් අතරෙ අතරමං වෙන්න තියන බයට… ගොඩාක් උන් ඉස්කෝලෙ එන මුල්ම දවසෙ බිම පෙරලිලා අඬනවා… සමහර අම්මලා තාත්තලා මුල් දවස් වල ළමයි ගේට්ටුව ගාව දාලා දුවනවා ඒ තරම් අකමැත්තෙන් පලවෙනි දවස් ටික එන්නෙ…
හැබැයි… 1 වසර ඉවර වෙනකොට 2 වසර පටන් ගන්නකොට ඉස්කෝලෙ කියන්නෙ මොකක්ද..යාළුවො එක්ක ගතවෙන කාලෙ සෙල්ලම් කරන එක කොයි තරම් සුන්දරද කියලා චූටි මොලේට තේරෙන්න ගන්නවා…
4-5 වසර ඉවර කරලා 6 වසරට එන්නෙ අර එක වසරට අඬ අඬ ආව එකා නෙමෙයි…..ඌ වෙනම චරිතයක්…..
6 වසරෙන් පස්සෙ තමයි උගෙ වසන්ත කාලෙ පටන් ගන්නෙ…. 8-9 වසර වලට එනකොට ඌ ඉස්කෝලෙ යන්නෙ ඉගෙන ගන්න එකටත් වඩා යාළුවො එක්ක ඉන්න තියන කැමැත්තට…..
10-11 ඒ කියන්නෙ ඕ ලෙවල් කාලෙ වෙනකොට ඌ පුදුම විදියට ඉස්කෝලෙට ඇලිලා… ඒක අමුතුම විදියෙ ඇලීමක්….යාළුවො එක්ක නටන විකාර විභාග ලිවිලි,මිස්ලාගෙන් බැනුම් ඇහිලි , ගුටිකන ඒවා..දණ ගහන් ඉන්න ඒවා…ඒ අත්දැකීම් වල රස දැනෙන්නෙ ඉස්කෝලෙන් එලියට එනකොට….සමහර වෙලාවට අම්මලා එක්ක කියන්න බැරි ප්‍රශ්න පවා කියන්නෙ මිස්ලා එක්ක..අම්මා තරමටම තමන්ගෙ ගුරුතුමිය තමන්ට ලං වෙනවා….
12-13 වෙනකොට වෙනම රේස් එකක්…ඒ අතරෙත් යාළුවො සෙට් එක කරන විකාර එක්ක ඉස්කෝලෙ කාලෙ කියන්නෙ සුන්දර හීනයක්…..

පුතේ..මං දන්නෙ නැ උඹ කවුද කියලා…හැබැයි එකක්… උඹ අද අඬනවා. ඔය වගේම කෑ ගහලා අඬන්න බැරි උනත් උඹ ආපහු හිතින් අඬන දවසක් ඒවි…ඒ තව අවුරුදු 13කින්.. අන්න එදාට ගෙදර කා ගාව හරි මේ පින්තූරෙ තිබුණොත් මේක බලලා මතක් කරපං… එදා ඇඬුවෙ යන්න බෑ කියලා…හැබැයි අද උඹ අඬන්නෙ දාලා එන්න බෑ කියලා නේද කියලා….. ඉස්කෝලෙ කියන්නෙ අන්න ඒ වගෙ හරි පුදුම තැනක්….?️?❤️

උපුටා ගැනීමකි


මෙම ලිපිය අප සතු නොවන බව සලකන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *